Tuesday, August 6, 2013

නුඹට ලියමි මෙසේ

නුඹට ලියමි මෙසේ 


නෙතට නොදකින  නුඹේ ඔය රුව 
 සවන පිනවන කිකිණි හඬ තව
සිත්හි    රැන්දූ   සුමුදු   මුදු     සුව
ලබනු නොහැකිව ලියමි මේ කව 





පිය නැගූ ඒ පාලු මාවත්
නුඹට තවමත් මතක නැතිවද
වෙනත් කෙනෙකුගෙ  අතින් අල්ලන්
 මාවතේ  ඇවිදිමින් යනවද 




හොවා ලය මත නුඹේ කඳුලැලි 
හැර දමා මා ගියත් පෙර දින 
මවෙත නුඹ පෑ සොඳුරු සෙනෙහස 
හදෙහි ගැඹුරුම තැනෙක රැඳි ඇත.....





No comments:

Post a Comment